ලංකාවට ආසියානු යොවුන් චෙස් රන් පදක්කමක්

2025 ජනවාරි මස 02 ප.ව. 08:23 - {{hitsCtrl.values.hits}}  

ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලිකා රන් පදක්කම කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි දේවින්දයා ගුණවර්ධන දිනා ගත්තාය.

ආසියානු රටවල් 20ක තරගකාරියන් 30ක් අතරින් ඔෂිනි මේ දස්කම දැක්වූවේ පැවති තරග වට නවයෙන් ලකුණු 8.5ක් ලබා ගනිමිනි.

 ලකුණු 8.5 ඔෂිනි ලබා ගත්තේ ඉන්දියානු ,මොන්ගෝලියානු හා වියට්නාමය යන රටවල් තුනේ කීඩිකාවන් දෙදෙනෙකු ,බැගින් හය දෙනෙකු සහ පිලිපීනය,උස්බෙකිස්ථානය,යන දෙරටේ කීඩිකාව්න් දෙදෙනෙකු පරාජය කරමිනි.ඉරාන කීඩිකාව හමුවේ ඔෂිනි සිය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගත්තේ ඒ වනවිටත් සිය වයස් කාණ්ඩයේ ශූරථාව තමන්ට නියත වශයෙන්ම දන්නා බැවිනි.

මේ තරගාවලියේ රිදී පදක්කම ඔෂිනිට ලකුණු දෙකක් පසුපසින් සිටි වියට්නාම කිඩිකාවකටද ලෝකඩ පදක්කම ඉන්දියානු කීඩිකාවකටද හිමිවූහ.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...