ලොව වේගවත්ම මිනිසාටත් කොවිඩ්

2025 මාර්තු මස 16 පෙ.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ වේගවත්ම මිනිසා මෙන්ම  අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී උසේන් බෝල්ට් කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් ධනාත්මක වී තිබේ.

 ඒ අනුව ඔහු ජැමෙයිකාවේ පිහිටි සිය නිවසේදී ස්වයං හුදකලා වී ඇත.

මීටර 100 සහ මීටර 200 ලෝක වාර්තා තබා ඇති බෝල්ට් කොවිඩ් 19 සම්බන්ධයෙන් ධනාත්මක බව ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා තහවුරු කළේය.

පසුගිය දින හතර තුළ ජැමෙයිකාවේ දිනපතා තහවුරු වූ රෝගීන් දිනකට 60 කට වඩා වැඩි වී තිබේ. ජැමෙයිකාවේ තහවුරු වී ඇති රෝගීන් 1,612 ක් ඇති අතර, සක්‍රීය රෝගීන් 622 ක් සහ කිරීටක වයිරසයෙන් මරණ 16 ක් වාර්තා වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...