2025 ජනවාරි මස 29 පෙ.ව. 05:09 - {{hitsCtrl.values.hits}}
ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගත්තේය.
තරගාවලියට ලෝකයේ රටවල් 23 ක පාසල් චෙස් ක්‍රීඩකයින් 61ක් සහභාගීවූහ. රිත්මිත තෙහස් තමන් මුහුණදුන් තරග වට 9 යෙන් ලකුණු 7.5 ක් ලබා ගෙන වයස 9න් පහළ බාලක අංශයේ ශූරතාව දිනා ගත්තේය.
තරගාවලියේ දෙවැනි හා තෙවැනි ස්ථාන දෙකම කසකස්ථානයේ පාසල් ක්‍රීඩකයින් දිනාගත් අතර ඔවුන් දෙදෙනා තරග වට 9 යෙන් ලකුණු ලබාගත්තේ ශ්‍රි ලංකාවේ රිත්මිත තෙහස්ට වඩා ලකුණු භාගයක පරතරයක් තබා ගනිමිනි. මේ ක්‍රිඩකයින් දෙදෙනා ලබාගත් ලකුණු 7 කි.
තරගාවලිය ආරම්භයේ සිටම ඉදීයෙන් සිටි රිත්මිත තෙහස් තමාට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු වැඩි ක්‍රීඩකයින් අභිබවා මේ ජය ලැබීම විශේෂයෙන්ම කැපී පෙනුණි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |