වසර 26ක් පැරණි රිටි පැනීම ලෝක වාර්තාව අලුත් වෙයි

2025 මාර්තු මස 16 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

රිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට ස්වීඩනයේ අර්මාන්ඩ් ඩුප්ලටිස් සමත් විය. ඉතාලියේ රෝම නගරයේ පැවති මලල ක්‍රීඩා (Golden Gala) තරගාවලියකදී ඔහු මීටර 6.15ක ක දක්‍ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවීය. මෙහිදී ඩුප්ලටිස් විසින් බිඳහෙලනු ලැබුවේ මීට වසර 26කට පෙර එනම්, 1994 වසරේදී සර්ජි බුබ්කා විසින් මීටර 6.14ක දක්‍ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාවයි.

ඇමරිකාවේ උපත ලබා මේ වන විට ස්වීඩනය වෙනුවෙන් ක්‍රීඩාකරන 20 හැවිදිරි ඩුප්ලන්ටිස්, රිටී පැනීම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාවටද හිමිකම් කියයි. මෙම වසරේ පෙබරවාරි මස ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවති තරගාවලියකදී මීටර 6.18ක දක්‍ෂතාවක් දක්වමින් ඔහු එම වාර්තාව පිහිටුවා ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...