සචින් ශමල්ක තමන්ගේම වාර්තා තුන අලුත් කරයි

2024 නොවැම්බර් මස 21 පෙ.ව. 11:51 - {{hitsCtrl.values.hits}}  

දකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී   14 න් පහළ දුර පැනීම,  මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ  බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක  2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින්  තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය.

මෙම තරග ඊයේ (28දා) මාතරඋයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ අනුව ශමල්ක විසින්  2023 වසරේ දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමෙන් මීටර් 5.74 ක් ලෙස තැබූ වාර්තාව මෙවර මීටර් 6.16 ක් ලෙසද මීටර් 60 දිවීම  මිනිත්තු 7.7 ලෙස තිබූ වාර්තාව මිනිත්තු 7.0 ලෙසද ,මීටර් 100 දිවීම මිනිත්තු 12.1 ලෙස තිබූ වාර්තාව මිනිත්තු 12.0 ලෙසද නව වාර්තා තබමින් මෙම සුවිශේෂි ජයග්‍රහණය වාර්තා කර තිබේ.

පසුගියදා අවසන්වූ ඇල්පිටිය අධ්‍යාපන කලාපීය ක්‍රීඩා තරගාවලියේදී  මෙම ඉසව් තුනේම ජයග්‍රහණය හිමිකරගෙන  14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවටද පත්වූයේ සචින් ශමල්කයි.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...