2025 මාර්තු මස 14 පෙ.ව. 02:57 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් බාලක, බාලිකා වයස් කාණ්ඩ කණ්ඩායම් චෙස් තරගාවලියේදී ඉහළම වයස් කාණ්ඩය වන වයස 17න් පහල බාලක ශූරතාව මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් ද එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදි.
තරගාවලිය ජනවාරි මස 26,27,28 තෙදින කුරුණෑගල පාසල් හතරකදී පැවැත්වුනු අතර එය වයස 9න් පහළ,11න් පහළ,13න් පහළ,15න් පහළ හා 17න් පහළ බාලක ,බාලිකා කණ්ඩායම් ලෙස පැවැත්විණ.
මේ තරගාවලියේදී විශේෂ සිදුවීම් දෙකක් දක්නට ලැබිණ. වයස 9න් බාලක,බාලිකා කණ්ඩායම් දෙකේම ශූරතාවන් දිනා ගෙන එම වයස් කාණ්ඩයේම සිය අණසක පැතිරවීමට ගම්පහ සුමේධ විදුහල් චෙස් ක්‍රීඩක,ක්‍රීඩිකාවන් සමත්වීම ඉන් එකකි.
කොළඹ රාජකීය විද්‍යාලයීය චෙස් ක්‍රීඩකයන් වයස 13න් පහළ හා වයස 15න් පහළ බාලක කණ්ඩායම් දෙකේම ශූරතාවන් දිනා ගනිත්දී එම වයස් කාණ්ඩ දෙකේම බාලිකා කණ්ඩායම් ශූරතා ද්විත්වයම මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ චෙස් ක්‍රීඩිකාවන් දිනා ගැනීම අනෙකය.
වයස 11න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව මාතර රාහුල විද්‍යාලය විසින් ද එම වයස් කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් ශූරතාව කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.
සමස්ත ලංකා පාසල් බාලක,බාලිකා වයස් කාණ්ඩ චෙස් චෙස් තරගාවලියේ අවසන් ප්‍රතිඵල මෙසේය.
වයස 9න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
වයස 11න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
වයස 13න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
වයස 15න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
වයස 17න් පහළ බාලක කණ්ඩායම් තරගය:-
වයස 9න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
වයස 11න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
වයස 13න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
වයස 15න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
වයස 17න් පහළ බාලිකා කණ්ඩායම් තරගය:-
1.මලියදේව බාලිකා විද්‍යාලය-කුරුණෑගල
2.ෆර්ගිසන් බාලිකා විද්‍යාලය-රත්නපුර
3.දේවි බාලිකා විද්‍යාලය-කොළඹ
සුසිල් ප්‍රියන්ත
![]() |
diary Read more... |