හෙල්ල විසිකිරීමේ ලංකා වාර්තාව සුමේධ අලුත් කරයි

2025 මාර්තු මස 15 ප.ව. 12:43 - {{hitsCtrl.values.hits}}  

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය.

දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

එහිදී සුමේද මීටර 85.78ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ඔහු විසින් බිදහෙලනු ලැබුවේ 2024 වසරේදී රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවයි.

මේ අතර සුමේධ රණසිංහ අද දැක්වූ දක්ෂතාවයත් සමග ඔහු  එළැබෙන සැප්තැම්බර් මස ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත්තේය.

ඔහු ලෝක මලල ක්‍රීඩා සම්මේලනය 2019 වසරේදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් අනතුරුව, ඒ සදහා ඍජුව සුදුසුකම් ලැබූ ⁣පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසද  වාර්තා අතරට එක්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...