ආනන්දයේ අභිමානය ඉදිරියට ගෙන යන සිඟිති බාලදක්ෂයෝ පදක්කම් ලබති

2025 අප්‍රේල් මස 18 ප.ව. 09:18 - {{hitsCtrl.values.hits}}  

මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිඟිති බාලදක්ෂ පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැතිවිණි.

 

මතුගම කොට්ඨාස අධයාපන අධ්‍යක්ෂිකා එන් දසනායක මහ්ත්මිය සහා විද්‍යාලයේ විදුහල්පති රන්දුන් ජයලත් මහතා ද මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් එක්ව සිටි අතර පදක්කම් ලාභී සිසු සිසුවියන් කැඳවාගෙන ඒම සඳහා ප්‍රාථමික අංශයේ බටහිර තූර්ය වාද්‍ය වෘන්දය කටයුතු කළේය..සංගීත අංශයේ අනුරාධා  වෙරෝනිකා , සුමාලි ජයවර්ධන, සහ චමිලා නිලන්ති යන  ගුරු මහත්මින් දරුවන් ඒ සඳහා පුහුණු කර තිබූ අතර

සිඟිති බාල දක්ෂ සහය දිසා කොමසාරිස් සමාරා විජේසුන්දර මහත්මියගේ සහ  එස් විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී සතුට පදක්කම් ලාභීන් අට දෙනකුත් දිනුම පදක්කම්ලාභීන් හැත්තෑදෙදෙනකුත් සහතික පදක්කම් ලැබීය.

ප්‍රාථමික අංශයේ විදුහල්පති එස් ඒ ඩී පේමදාස මහතා ගේ උපදෙස් පරිදි  සිඟිති බාලදක්ෂ අංශයේ ගයනි ජයවර්ධන,ඩබ්ලිව් කේ. ඩී. සඳමාලි , රාණී හේමලතා, රූපා නන්දනී, යන ගුරු මහත්මීන් ඇතුළු කණ්ඩායම විසින් මෙම උත්සවය සංවිධානය කළේය .

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...