කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණයෙන්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:54 - {{hitsCtrl.values.hits}}  

ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම ජනතාවට ලබා දී ඇත. ඉ-උරුමය ව්‍යාපෘතිය (e-Heritage project) යටතේ මෙය ක්‍රියාවට නංවා තිබෙන අතර තම ස්මාට් දූරකතනයට හෝ ටැබ් පරිගණකයට මේ සඳහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ යෙදවුම ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම අත්විද ගැනීමට ඉඩ සැළසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. ජාතික කෞතුකාගාරයේ සංරක්‍ෂණය කරන ලද මැදිරි සංකීර්ණය නැවත විවෘත කිරීමේ උත්සව අවස්ථාවට  සමගාමීව මෙම පහසුකම ජාතික කෞතුකාගාර නරඹන්නන්  සඳහා මුදා හැරීම පසුගියදා සිදුවිය. මේ අනුව කෞතුක වස්තුවක් නැරඹීමේදී අදාළ කෞතුක වස්තුව පිළිබඳව තොරතුරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සවන්දීමට මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත ලිඛිත තොරතුරු පරිශ්‍රිලනය කිරීමට ද හැකිවේ. තවද ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු ඩිජිටල් තාක්‍ෂණය සහිත  ජායාරූප ද එක්කර තිබේ. කෞතුකාගාරයේ තමන් නරඹමින්  සිටින ස්ථානය මෙන්ම  ඉදිරි නැරඹුම් ප්‍රවේශ පිලිබදව පහසුවෙන්  දැනුවත් වීමට ද  මේ ඔස්සේ නරඹන්නන්ට හැකිවේ.

කෞතුකාගාර  ප්‍රවේශ පත්‍රවල මිල ගණන් දැනගැනීමේ පහසුකම ද මෙම ඇප් එක මගින් ලැබී තිබෙන අතර ඉදිරියෙදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකමද ලබා දීමට නියමිතය. මෙම  ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීම අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික ඇමැති එස්.බී. නාවින්න මහතාගේගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් එතුමා  සඳහන් කළේ රටේ  ජාතික උරුමයන්  ආරක්‍ෂාකර ගනිමින් අනාගතයට දායාද කරදීම   ගැනීම අප සතු වගකීමක් බවත් ඒ සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීම කාලෝචිත බවත් ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයට ස්තූතිවන්ත විය යුතු බවත්ය.

 මෙම අවස්ථාවට එක්වු ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කළේ මෙම ඇප් එක හදුන්වා දීම නිසා විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් වෙත වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන බවත්  ‍කෞතුක වස්තූන් නරඹන්නන්ට  වැඩි දැනුවත් වීමක් සහිතව ඒවා නැරඹීමටත් කෞතුක වස්තූන් පිලිඹදව තොරතුරු හදාරන්නන්ට සහ ගවේෂණය කරන්නන්ට මෙය ඉතා වැදගත් වන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින්  මෙම පහසුකම ජනතාවට ලබා දීම සදහා අවශ්‍යයකරණ ස්මාට් ජංගම දුරකථන කිහිපයක් ජාතික කෞතුකාගාරය වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

 මෙම ඇන්රොයිඩ් යෙදවුම (Android application) ගූගල් ප්ලේස්ටෝ හි (Google playstore) ශ්‍රී ලංකා මියුසියම් යන්න පිරික්සීමෙන් නොමිලේ භාගත (Download) කර ගත හැක. නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂිකා සනුජා කස්තුරිආරච්චි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් යන  මහත්ම මහත්මීන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...