පැල්මඩුල්ල පුංචි අපේ පරිසර සමුළුව දා....

2024 නොවැම්බර් මස 19 ප.ව. 02:13 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම පරිසර අධිකාරිකාරියේ සබරගමුව පළාත් කාර්යාලය පැල්මඩුල්ල කොට්ඨාස අධ්‍යාපනය කාර්යයේ සහයෝගය ලබා ගනිමින්  සංවිධානය කළ පුංචි අපේ පරිසර සමුළුව පසුගියදා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණ. මධ්‍යම පරිසර අධිකාරිය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාය, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමුළුවට සම්පත් දායකත්වය දරා තිබුණි.
පරිසරය සංරක්ෂණය වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම මෙම කඳවුරෙන් සිදුකෙරුණු අතර විවිධ රාජ්‍ය ආයතන, නිලධාරින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් මැදිහත්වන හා ක්‍රියාකරන ආකරය මෙහි දි දැනුම්වත් කරන ලදී. 

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, එම්.ජේ. බණ්ඩාර මහතා, ඉංජිනේරු අයි.ආර්. එස්. එස්. ඉහළගම මහත්මිය, ඉංජිනේරු බි.පි.එස්. ජයවීර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා පරික්ෂක එම්.එන්. ගුණරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරි නිලුක රණසිංහ, සමාජ විද්‍යාඥ ඊ.එස්. පියදර්ශන, එච්. නන්දසිරි සහ ශාන්ත අරුගොඩ මහතා ද මෙම සමුළුවේ සම්පත් දායකයින් ලෙස සහයෝගය දැක්විය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...