2024 දෙසැම්බර් මස 23 ප.ව. 05:16 - {{hitsCtrl.values.hits}}
බෞද්ධයන්ගේ උත්සව අතරින් ප්‍රධානතම උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. වෙසක් උත්සවය සමරනු ලබන්නේ සිදුහත් කුමරැගේ ඉපදීම, බෝසතාණන්ගේ බුදුවීම,
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම යන තෙමඟුල සිහිපත් කිරීමට ය.
ගස්වැල් මලින් හා පලින් බර වී වෙසක් මංගල්‍යයට සැරසෙයි. සොබාදහම නීල වර්ණයෙන් බැබළෙයි. මිනිස්සු තම නිවෙස් සැරසීම සඳහා වෙසක් කූඩු නිවෙස්වල එල්ලති. විදුලි බුබුළු වැල් නිවෙස් ආලෝකවත් කරති. සියලු බෞද්ධයෝ තම නිවසේ බෞද්ධ කොඩියක් දැමීමට අමතක නොකරති. මිනිස්සු පහන් චල්වා මුළු වෙසක් උත්සවය ම ආලෝකවත් කරති.
තැන තැන ඉදිවුණු දන්සල් මිනිසුන්ගේ කුසගිනි නිවයි. විචිත්‍ර තොරණවල සුන්දරත්වය විඳිති. නර්තතනයෙන් අලංකාර වූ පෙරහර වීදි පුරා ගමන් කරයි.
මෙම ආමිස පූජාවන්ට අමතරව මිනිස්සු ප්‍රතිපත්ති පූජාවෙන් ද වෙසක් උත්සවය සමරති. බොහෝ මිනිස්සු වෙසක් පොහොය දිනට සිල් සමාදන් වෙති. සිල් සමාදන් වීමට අමතරව සැදැහැවත්තු ගවයන් වැනි සතුන්ට අභයදානය දීම වැනි ප්‍රතිපත්තිමය පින්කම්වල යෙදෙති.
වෙසක් උත්සවය සමාජය යහපතට ගැනීමේ අඩිතාලම සපයයි.
සවිනි කුමසාරැ
6 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |