සිසුන්ගේ සාධන මට්ටම හඳුනාගැනීමට පාසල් සාධන දර්ශකයක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 05:08 - {{hitsCtrl.values.hits}}  

රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් "ස්ටැනයින් පරිමාණය (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇති අතර මේ වනවිට අ.පො.ස.(උ.පෙළ)  2019 විභාගයට අදාළ පාසල් සාධන දර්ශකය ඉහත වෙබ් අඩවියේ පළ කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු ම දෙනාට එක් එක් පාසල්වල සාධන මට්ටම දිස්ත්‍රික් මට්ටමින් හා දීප ව්‍යාප්ත මට්ටමින් විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි මෙම දර්ශකය සකස්කර තිබේ.

ෙඑක් එක් වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගය, අ.පො.ස. (සා.පෙළ) විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ සාධන මට්ටම විශ්‍ලේෂණාත්මකව හඳුනාගැනීමට මෙම සාධන දර්ශකය ඇසුරින් අවස්ථාව සැලසේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විෂයමාලා සම්පාදකයින්, පෙළ පොත් කතුවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙම දර්ශකය උපයෝගී කර ගැනීමෙන් මෙරට විභාග පද්ධතිය තුළ එක් එක් විභාග සඳහා සිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ ඉගෙනුම් හැකියාවන් විභාග හරහා පෙන්නුම් කරන ආකාරය හඳුනා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් මෙම පාසල් සාධන දර්ශකය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැක.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...