බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට

2025 මාර්තු මස 17 ප.ව. 06:39 - {{hitsCtrl.values.hits}}  

එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී ඇතිවූ කිසියම් සිදුවීමක් හේතුවෙන් එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව බෙන් ස්ටෝක්ස් සහ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමගින් ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්‍ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා මාධ්‍යවේදින් හමුවේ පැවසීය.
සිදුවීම කුමක්ද යන්න විස්තර කර නැතත් ඊයේ රාත්‍රියේ ඇතිවූ සිදුවීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස් අත්ඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (25 වැනිදා) උදෑසනය.
එම සිදුවීම සිදුවීමෙන් අනතුරුව චෝදනා පත්‍ර භාරදීමකින් තොරව පරීක්‍ෂණ පැවැත්වෙන තුරු ඔහුව නිදහස් කර තිබූණි. එහෙත් ඊයේ උදයේ පරීක්‍ෂණ වලට මුහුණදීම සඳහා ස්ටෝක්ස් කැමැත්තෙන්ම බි්‍රස්ටල් බලා ගියේය. ඇලෙක්ස් හේල්ස්ද මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී බෙන් ස්ටෝක්ස් සමගින් සිට තිබේ.අපිට මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් පැවසිමට නොහැකි බව මේ අවස්ථාවේදී ඔබලා තේරූම් ගත යුතුයි. නමුත් අපිට පුළුවන් හැකි ආකාරයෙන් විස්තර ලබාදීමටත් අපි කටයුතු කරනවා යැයි ස්ටොස් මහතා වැඩිදුරටත් පැවසීය.

ඕස්ටේ්‍රලියාවේදී පැවැත්විමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලිය සදහා සංචිතය නම් කිරීම හෙට සිදුකිරීමට නියමිත බවත් ඩර්හෑම් තරුව ස්ටෝක්ස් සහ නොටින්හැම්ෂයර් පිතිකරු හේල්ස් පිළිබඳව තේරීම කම්ටුව හොදින් හිතා මතා තීරණයක් ගනු ඇති බවත් ස්ට්‍රෝස් මහතා පැවසීය.

(ලංකාදීප ඇසුරින්) Pic soure: .independent

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...