සඳගමනයේ ගගනගාමී ඇඳුම් කට්ටලය ජලය යටදී අත්හදා බලයි

2024 නොවැම්බර් මස 25 පෙ.ව. 05:49 - {{hitsCtrl.values.hits}}  

මීළඟ සඳ ගමනය සඳහා භාවිත කිරීමට සැරසෙන නවතම ගගනගාමී ඇඳුම් කට්ටලය ජලය යටදී පරීක්ෂා කිරීමේ අවස්ථාවක් නාසා ආයතනය පසුගියදා ක්‍රියාත්මක කළේය.

ටෙක්සාස් හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය්දී මෙම පරීක්ෂණය පැවැත්විණි. එම මධ්‍යස්ථානය සඳ මත පවතින පරිසරය අනුව සකසා ඇති කොටස් කිහිපයකින් සමන්විතය.

ගුරුවාකර්ෂණය අඩු තත්වයක් යටතේ, කෘතිම තටාකයක මීටර් කිහිපයක් පහළ පතුලෙහිදී,මෙම පෙරහුරුව පැවතිණි. 

සඳ ගල් අහුලාගෙන එක් ස්ථානයකින් තව ස්ථානයකට යාම, ඇමෙරිකාවේ ධජය සිටුවීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට ගගනගාමීන්ට අවස්ථාව සැලසිනි.

මිනිසා පළමුවරට සඳ මතට පා තබා වසර 50කට ආසන්න කාලයක් ගත වී ඇත. මිනිසුන් සඳමතට යෑමේ කටයුත්ත සඳහා නායා ආයතනය ගෙන යන 'ආටෙමිස්' ක්‍රියාන්විතයට අනුව, 2024දී මීළඟ සඳගමනය සඳහා මෙම පරීක්ෂණ පැවැත්වේ.

"මේ පෙරහුරුවෙන් අපිට දැනගන්න පුලුවන්, අනාගත ආටෙමිස් ක්‍රියාන්විත සහ පුහුණුවීම්වලදී අවශ්‍ය කරන මෙවලම්, සංවර්ධනය කරගත යුතු දෘඩාංග, භාවිත කළ යුතු හොඳම උපාංග මොනවාද යන්න. ඒ වගේම සඳගමනයට අවශ්‍ය කරන උපකරණ යොදාගැනීමෙන් ලබන ප්‍රතිචාරය ගැනත් අපි සැලකිලිමත් වෙනවායැයි එම පර්යේෂණ කණ්ඩායම පවසති.

 (  ඇසුරිනි)

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...