අතුරුදහන් වූ ඉන්දීය ගුවන් යානය ගැන 'හෝඩුවාවක් නැහැ'

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  

බිබිසි-(සන්දේශය)චෙන්නායි සිට අන්දමන් දූපත් බලා ගමන් කරමින් සිටියේ දී අතුරුදහන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නොමැති බව එරට බලධාරීහු පවසති.

රුසියාවේ නිෂ්පාදිත 'AN 32' ගුවන් යානය අතුරුදහන් වී පැය විසිහතරක් ගත වී තිබේ.

ගුවන් යානය තුළ සාමාන්‍ය වැසියන් නව දෙනකු ඇතුළු පුද්ගලයන් විසිනව දෙනකු ගමන් කොට ඇති බව බලධාරීහු සඳහන් කරති.

ඉන්දීය ආරක්ෂක ඇමති මනොහර් පරික්කර්ගේ අධීක්ෂණය යටතේ, අතුරුදහන් වූ ගුවන් යානය සොයා මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ගුවන් යානය ගමන් ආරම්භ කොට මිනිත්තු පහළොවකට පසු රේඩාර් පද්ධතියෙන් නො පෙනි ගිය බවයි වාර්තා වන්නේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...