ඇමරිකානු ඡන්දය උණුසුම් හිලරි ඡන්දය ප්‍රකාශ කරයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:07 - {{hitsCtrl.values.hits}}  

2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක කටයුතු නිමාවට පත්විය. ඡන්ද විමසීම පැවැත්වෙන අද (08) උදෑසන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් තම අවසන් ප්‍රචාරක රැළිවලට සහභාගීවූහ. මිචිගන්හි දී ඩොනල්ඩ් ට්‍රම්ප් තම අධාරකරුවන්ට පැවසුවේ ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන දේශපාලන වෙනසක් රැගෙන එන අතර ඇමරිකානු රජය තුළ අවංකභාවය ප්‍රතිෂ්ඨාපනය කරන බවය. සමීක්‍ෂණ වාර්තා අනුව සුලු ප්‍රතිශතයකින් දැනට තරගයේ ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් පැවසුවේ ඇමරිකාව තැනිය යුතුවන්නේ 'පාලම්' මිස 'තාප්ප' නොවන බවය. ඇය එසේ පැවසුවේ මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් බැඳීමේ සැළසුමක් පිළිබඳව ට්‍රම්ප් කළ ප්‍රකාශකයට පිළිතුරු වශයෙනි. නැගෙනහිර වෙරළතීරයේ ඡන්ද මධ්‍යස්ථාන ඡන්දදායකයන් සඳහා විවෘතවීමට සූදානමින් තිබුණි. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝක් ප්‍රාන්තයේ, චප්පාකුවා හිදී සිය ඡන්දය ඇගේ සැමියා වූ හිටපු ජනපති බිල් ක්ල්ටන් සමග ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කාන්තා අපේක්ෂිකාවක ලෙස ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම කාන්තාව බවටද හිලරි මේ සමග පත්වනු ඇත.

ඡායාරූප-AP

https://www.facebook.com/cnnnews18/videos/10155414408574202/

3A2C58CA00000578-3914992-High_turnouts_Voters_fill_out_their_forms_and_wait_to_vote_at_a_-a-176_1478610899235 3A2D4E8800000578-3914992-image-a-183_1478610899569 3A2D44CD00000578-3914992-Lines_grew_longer_once_the_polling_places_began_to_open_in_Virgi-a-181_1478610899470 3A2D881800000578-3914992-image-a-214_1478613158679 3A2DDF1A00000578-3914992-image-m-249_1478617188489 3A2E1B6900000578-3914992-image-a-258_1478620017982 3A2E399700000578-3914992-image-a-264_1478621247676 3A2834F600000578-3914992-The_CNN_electoral_college_prediction_after_it_fell_under_270_wit-a-185_1478610899660

1_Vote 2 2(2758)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...