ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක හමුව සිංගප්පූරුවේදී

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:39 - {{hitsCtrl.values.hits}}  

තමන් හා උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුව ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේදී සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් (10දා) බ්‍රහස්පතින්දා අනාවරණය කළේය. 
 ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයකු හා උතුරු කොරියානු නායකයකු අතර හමුවක් ඔවුන් දෙදෙනා බලයේ සිටියදීම සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර උතුරු කොරියාව ඇමෙරිකා ජාතිකයන් තිදෙනකු නිදහස් කර පැය කිහිපයක් ගතවන අවස්ථාවේදී නායකයන් දෙදෙනාගේ හමුව සිදුවන වේලාව හා ස්ථානය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණි. 
 “ලෝක සාමය වෙනුවෙන් මෙම හමුව සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරගැනීමට අප දෙදෙනාම උත්සාහ කරනවා” ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම සුවිශේෂී ට්විටර් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේය. 

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...