ඉන්දියාව ලොව පස්වැනි කාර් රථ නිෂ්පාදකයා වෙයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:17 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාව ලෝකයේ පස්වැනි විශාලතම මෝටර් කාර් රථ නිෂ්පාදනයා ලෙස පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ වසරේ ගෙවුණු මාස හත තුළදී ඉන්දියාව සිදුකළ කාර් රථ නිෂ්පාදන ප්‍රමාණය මිලියන 2.75 ඉක්මවීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව දශකයක් ඇතුළතදී ප්‍රථම වතාවට මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දිනා සිටි දකුණු කොරියාවට එය අහිමිව ඇති අතර, ගෙවුණු කාලසීමාවේදී ඔවුන්ට නිපදවීමට හැකියාව ලැබී ඇත්තේ කාර් රථ මිලියන 2.55 ක් පමණි.

ජර්මනිය කාර් රථ මිලියන 3.62ක්ද, ජපානය මිලියන 5.40 ක් ද, ඇමෙරිකාව මිලියන 7.08 ක්ද නිෂ්පාදනය කර තිබේ. මෙහි ප්‍රථමයා වන චීනය ගෙවුණු මාස හතේදී නිපදවා ඇති මුළු කාර් රථ ප්‍රමාණය මිලියන 12.79 කි.  පසුගිය වසරේද දත්ත අනුව දකුණු කොරියාව කාර් රථ මිලියන 4.55 ක් නිපදවූ අතර, ඉන්දියාවනිපදවනු ලැබුවේ කාර් රථ   මිලියන 4.12 ක් පමණි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...