චීනයේ සිව්වැනි චන්ද්‍ර යානය එළි දක්වයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:13 - {{hitsCtrl.values.hits}}  

චීනයේ අභ්‍යවකාශ වැඩසටහන යටතේ ඉදිරිපත් කෙරුණු සිව්වැනි චන්ද්‍ර යානය පසුගියදා එළිදැක්වුණි. රොවර් මාදිලියේ ලෑන්ඩර් යානයක් වන මෙය Chang’e 4 යන කේත නාමයෙන් හඳුන්වාදී තිබේ. ඒ අනුව ඉදිරියේදී මේ යානය සඳහා නමක් යෝජනා කිරීමේ අවස්ථාවද මහජනතාවට ලබාදීමට එරට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය කටයුතු යොදා ඇත. එහි අවසන් ප්‍රතිඵල ලබන ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්ධියට පත් කෙරේ.

සැලසුම් කර ඇති ආකාරයට ලබන දෙසැම්බර් මාසයේදී මෙම යානය දියත් කිරීමට කටයුතු යොදා ඇත. එහිදී එතෙක් මෙතෙක් මිනිසෙකු ළගා නොවූ අඳුරු ස්වභාවයෙන් යුත් චන්ද්‍රයාගේ ඈත කෙළවර වෙත යාම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ගෙවුණු සියවස තුළ අවස්ථා කිහිපයකදීම බොහෝ උපාංග සහ මිනිසුන්, චන්ද්‍රයා වෙත ගොස් ඇතත්, මේ ප්‍රදේශයට කිසිවෙකුත් ළගා වී නොමැති බව චීන බලධාරීන් පවසයි.

මෙහිදී රෝවර් යානය සතුව රෝද හයක් පිහිටුවා ඇත. එමගින් සඳෙහි අඳුරු ප්‍රදේශය වෙත ඉතා හොඳින් යාමට හැකි බව චීන අභ්‍යවකාශ ආයතනය විශ්වාසය පළ කරයි. පෘථිවියේ එකම ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා, පෘථිවිය වටා පරිභ්‍රමණය වීමේදී එහි එක් ප්‍රදේශයක් පමණක් ආලෝකමත් වෙයි.

මීට පෙර දියත් කෙරුණු අවසන් චන්ද්‍ර යානය %යුටු^ යන නමින් නම් කෙරිණි. එය චීනයේ මිත්‍යා කතාන්දර තුළ අඩංගු ප්‍රබන්ධමය හා විශේෂයක් හඳුන්වන නමක් විය. 2013 වසරේදී දියත් කළ එය ඉතා සාර්ථකව චන්ද්‍රයා මත ගොඩබැස්වුණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...