චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධූරයට ෂී ජින් පිං යළි පත්වෙයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:27 - {{hitsCtrl.values.hits}}  

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට ෂී ජින් පිං මහතා තේරි පත් වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය අද (25) බෙයිජිංහිදී නිමාවට පත්විය.චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය ඡන්ද විමසීමෙන් Xi Jinping, Li Keqiang, Li Zhanshu, WangYang, Wang Huning, ZhaoLeji සහ HanZheng චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් ලෙසට තේරීපත් වූහ. මීට අමතරව, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජිකයන් සම්මත කෙරුණු අතර මධ්‍යම කාරක සභාවේ යුධ කමිටුවේ සාමාජිකයන්ද තීරණය කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී ජන්ද විමසීමෙන් තේරි පත් වූ ලේකම්වරයා, උපලේකම්වරයා සහ ස්ථාවර සාමාජිකයෝද අද පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී සම්මත කර තිබේ.

(රජ ෙය් නිල පුවත් ෙස්වය)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...