ඩුබායි නගරයේ පිරිසුදුකම වෙනුවෙන් දැඩි නීති

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:48 - {{hitsCtrl.values.hits}}  

ඩුබායි නගරයේ පිරිසුදුකම ඇති කිරීම සඳහා නව නිති පද්ධතියක් ඇති කිරීමට එරට රාජ්‍ය බලධාරින් තීරණය කර තිබේ.

නගරය පිරිසිදුව තබාගැනීම කෙරෙහි ජනතාගේ අවදානය යොමු කිරීමටත්, නීති උල්ලංඝණය කරන අයට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත් පියවර ගන්නා බව රජය නිවේදනය කර ඇත.

ඒ අනුව නගරය තුළ අපද්‍රව්‍ය තැනින් තැන දැමීම, වෙන්කොට ඇති ස්ථානවලින් බැහැරව වැසිකිළි යෑම මෙන්ම කෙළ ගැසීම වැනි වැරදි සඳහා ඩිරාම් 500 ක දඩයක් ගෙවීමට සිදුවනු ඇත.

නගරය තුළ පෞද්ගලික ස්ථාන පොදු ගොඩනැගිලි ආදියෙහි ජලය ගබඩා කොට ඇති තැන්වලින් ජලය අපතේ යයි නම් ඒවා වැළැක්වීමට පියවර නොගන්නා පුද්ගලයින් හා ආයතන වලට එම නොසැලකිළිමත් භාවය හේතුවෙන් දඬුවම් විඳීමට සිදුවනු ඇත.

ගිම්හාන කාලයේ දී වායු සමීකරණ යන්ත්‍රවලින් වතුර කාන්දු වී අසුවුවහොත් ඒ නොසැලකිලිමත් භාවය වෙනුවෙන් ද දඬුවම් විඳීමට සිදුවනු ඇත. 

දුම්රියේ පදිකවේදිකාවේ හෝ බස්රථ තුළ ගමන් කිරීමේ දී චුයින්ගම් වැනි දේ කෑමට අවසර නොමැත. එසේ චුයින්ගම් කා තැන තැන දමා අසුවුවහොත් ඩිරාම් 1000 ක දඩයකට යටත් වනු ඇත.

බලධාරින් වෙන් කර ඇති ස්ථානවලට හැර වෙනත් ස්ථානවලට කිසිදු ආකාරයකින් ජලය බැහැරකිරීම වරදක් වන අතර එය කඩ කරන්නන්ට ද ඩිරාම් දහසක අඩයක් ගෙවීමට සිදුවනු ඇත.

මෙම නිති රීති දේශිය ජනතාවට මෙන්ම විදේශිකයන්ටද අදාල බවත් එය ඩුබායි හි සේවය කරන සේවකයන් විශේෂයෙන් පිළිපැදිය යුතු  බවත් ඩුබායි මහ නගර සභාව සිය නිල වෙබ් අඩවිය ඔස්සේ සිහිපත් කර ඇත.

විනීතා එම් ගමගේ - ලංකාදීප ඇසුරින්

image_a5db29444e

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...