ඩොලර් මිලියන 417ක් වන්දි ගෙවීමට නියම වූ සුප්‍රසිද්ධ බිළිඳු නිෂ්පාදන සමාගම

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:51 - {{hitsCtrl.values.hits}}  

ප්‍රධාන පෙළේ බිළිඳු නිෂ්පාදන සමාගමකට එරෙහිව පැවැති නඩුවකින් ඔවුන් පරාජයට පත්වීම හේතුවෙන් වින්දිත පාර්ශ්වයට ඩොලර් මිලියන 417ක දැවැන්ත වන්දියක් ගෙවීමට නියම කර ඇත.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර අධිකරණයක විභාග වූ නඩුවක පැමිණිලිකරුවන් සඳහන් කර තිබුණේ එම නිෂ්පාදන අඛණ්ඩව භාවිත කිරීම තුළින් පිළිකා ඇතිවන බවයි.

එම බිළිඳු නිෂ්පාදන මාලාවේ පුයර අඛණ්ඩව අවුරදු 20-30ක් භාවිත කළ කාන්තාවක් පිළිකාවකට ගොදුරු වීමෙන් පසු ඇය සමාගමට එරෙහිව නඩු මගට පිවිස ඇති අතර, එයින් සමාගම පරාජයට පත්ව ඇත. ඒ අනුව ඇයට ඩොලර් මිලියන 417 ක දැවැන්ත වන්දියක් ගෙවන ලෙසට අධිකණරණය විසින් සමාගමට නියෝග කර තිබේ.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට සමාගම තීරණය කර තිබේ. පැමිණිලිකාර පාර්ශ්වය සඳහන් කරන්නේ ඇය අනෙකුත් කාන්තාවන්ට පණිවුඩයක් ලබාදීම සඳහා මෙසේ නඩු මගට පිවිසි බවයි.

මීට අමතරව තවත් අවස්ථා හතරකදී එම සමාගමට එරෙහිව පැවැති නඩුවලින් ඔවුන් පරාජයට පත්ව ඇති අතර ඩොලර් මිලියන 110.5, 72, 70.1, 55 යනාදී ලෙස වන්දි ගෙවීමට ඔවුන්ට සිදුව තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

law-court_2900691b

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...