දකුණු අප්‍රිකාවේ නව ජනපති සිරිල් රැම්පෝසා

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:45 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකාවේ නව ජනපතිවරයා ලෙස සිරිල් රැම්පෝසා මහතා පත්වි ඇත. හිටපු ජනපති ජාකොබ් සුමා මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ජනපති ධුරය සඳහා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව විසින් රැම්පෝසා මහතා ජනපතිධූරයට නම් කරනු ලැබීය. මෙහිදී රැම්පෝසා මහතාගේ නම පමණක් යෝජනා වීම නිසා ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය නොවූ බව පැවසේ. මෙම පත්කිරීමට පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් ඒකමතිකව එකඟතාව පලකර ඇත. 65 වියැති රැම්පෝසා මහතා 2017 වර්ෂයේදි අප්‍රිකානු ජාතික පක්ෂයේ නායකයා බවට පත් විය. 1977දී ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසි ඔහු දකුණු අප්‍රිකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් බවට පත් විය. අප්‍රිකානු ජාතික පක්ෂයේ තීරණය අනුව හිටපු ජනපතිවරයා ඉල්ලා අස් වුවද ඔහු එම තිරණය සම්බන්දයෙන් අප්‍රසාදය පල කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් ඇසුරිණි - 085)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...