දකුණු කොරියාවේ උණුසුමින් 42 කු මරුට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:23 - {{hitsCtrl.values.hits}}  

දකුණු කොරියාව වෙත ආසන්නමාස කිහිපයේදී බලපා ඇති දරුණු උණුසුම් තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයෝ 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව තවත් 3400 කට ආසන්න පිරිසක්ද මින් විවිධ රෝගාබාධවලට ලක්ව තිබේ.

මිය ගිය අතරින් වැඩිම පිරිස වැඩිහිටියන්ය. ඔවුන්ගේ නිවෙස්වල මෙම උණුසුමට මුහුණදිය හැකි මට්ටමින් ප්‍රමාණවත් තරම් වායුසමීකරණ පහසුකම් නොමැති බවත් හඳුනාගෙන ඇත.එසේම එළිමහනේ රැකියාව කළ පස් දෙනෙකුද මිය ගොස් ඇත. මීට අමතරව වියට්නාමයේ සිට එරටට පැමිණි 50 හැවිරිදි සංක්‍රමික සේවකයෙකුද වන බව පැවසෙයි.

පසුගිය සතිය වනවිට දකුණු කොරියාවේ සෝල් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.6ක් දක්වා ඉහළ නැග තිබුණි. එම නගරය එරට ජනගහනයෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන ස්ථානය වීම මෙම ආපදාව දරුණුවීමට හේතුවක් වී තිබේ.

එසේම මෙය 2011 වසරේදී එරට හටගත් උණුසුම් තත්ත්වයෙන් පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවූ වසර ලෙසද සැලකෙයි. එසේම වසර 100කට අධික කාලයක් ඇතුළතදී එරට තුළ දරුණු මට්ටමේ උණුසුමක් වාර්තා වූ පළමු අවස්ථාවද මෙයද වී තිබේ.

මැයි මාසයේ පටන් පැවැති මෙම උණුසුම් තත්ත්වය ජූලි මාසයේ සිට දරුණු තත්ත්වයට පත්විය. ඒ සමගින්ම එරට භෝග වගාවන්ටද දැඩි හානි සිදුව තිබේ. ඒ අනුව ඉදිරියේදී එරට තුළ ආහාර හිඟතාවක් ඇතිවීමේ අවදානමක්ද හට ගෙන ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...