2025 අප්‍රේල් මස 20 ප.ව. 01:48 - {{hitsCtrl.values.hits}}
දකුණු කොරියාවේදී ලබන වසරේදී පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා දකුණු කොරියාව හා උතුරු කොරියාව ඒකාබද්ධව කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට දකුණු කොරියාව උතුරු කොරියාවෙන් කළ ඉල්ලීම උතුරු කොරියාව විසින් ඉවත දමා තිබේ.
දකුණු කොරියාවේ ක්‍රීඩා අමාත්‍ය ඩූ ජොන්ග් මහතාගේ අදහසක් අනුව උතුරු කොරියාවෙන් මෙම ඉල්ලීම කළේ දකුණු කොරියානු නව ජනපති මූන් ජා-ඉන් විසිනි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් උතුරු කොරියානු ඔලිම්පික් කමිටුවේ සමාජික චැන් උන් සඳහන් කර ඇත්තේ ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දකුණු කොරියාවේ ඉල්ලීම ඉවත දමන බවයි.
1991 වසරේදී දකුණු කොරියාව හා උතුරු කොරියාව එක්ව ලෝක මේස පන්දු ශූරතාවලියට අවසන් වරට ක්‍රීඩා කර තිබේ. දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර දීර්ඝ කාලයක පටන් රාජත්‍රාන්ත්‍රික වශයෙන් ගැටුමක් පවතී.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |