නෙපාර්ටැක් නිසා චීනයට හා තායිවානයට දැඩි බලපෑම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  

(UPDATE) නෙපාර්ටැක් සුළි කුණාටුව අද උදෑසන තායිවානය වෙත ඇතුළු වූ බවත්, එය ඉදිරියේදී නැගෙනහිර චීනය දක්වා ඇදී යන බවත් කාලගුණ අංශ පවසයි.

මේ නිසා තායිවානයේ නැගෙනහිර වෙරළ කලාපයට මේ වනවිටත් අඟල් 12 - 24ත් තරම් අධික වැසි ලැබී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම, පැයට සැතපුම් 153ක පමණ වේගයෙන් යුතු සුළං වාර්තා වී ඇති අතර, මෙම සති අන්තය වනවිට සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර චීනය වෙතද අධික වැසි වාර්තා විය හැකි බව කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, නෙපාර්ටැක් සුළි කුණාටුවට කල්තියා තායිවානය දැඩි සූදානමක් දැක්වූ අතර, මෙතෙක් කුණාටුව නිසා සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවෙයි.

(10.00pm - 07/07) ...............................................................................................

තායිවානය වෙත පැයට කි.මී. 263ක වේගයෙන් නෙපාර්ටැක් සුළි කුණාටුව ඇදී එන බවත්, එය ඉදිරි පැය කිහිපය තුළ එරටට ඇතුළු විය හැකි බවත් කාලගුණ අංශ පවසයි.

පස් වැනි මට්ටමේ සුපිරි සුළි කුණාටුවක් ලෙස නම් කර ඇති නෙපාර්ටැක් වෙතින් සිදුවිය හැකි බලපෑම අවම කරගැනීමේ අරමුණින්, ප්‍රධාන භූමියට ඔබ්බෙන්වූ සියලු දූපත්වල සිටි විදෙස් සංචාරකයන් ඉවත්කර ගැනීමටද ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

එමෙන්ම වෙරළ ආශ්‍රිතව ජීවත්වන බොහෝ පිරිසක්ද ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් 35,000කට අධික බලකායක්ද සූදානම් කර ඇති බව කියයි.

මෙම සුළි කුණාටුවත් සමග ඇතිවන අධික වැසි හේතුවෙන් ජල ගැලීම් මෙන්ම, නායයෑමේ අවදානම්ද පවතින බවත්, අධික සුළං සමග ඇති වන ධාරාණිපාත වර්ෂාවන් බලාපොරොත්තු වෙයි.

විශේෂයෙන්ම ග්‍රීන් හා ඕකිඩ් යන දූපත්වල සිටි සංචාරකයන් 3,000ක් පමණ ඉවත් කර ඇති අතර, ටායුආන් ගුවන් තොටුපොළට ඇතිවිය හැකි බලපෑම අවම කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කියැවෙයි.

2015 වසරේදීද තායිවානය සුපිරි චණ්ඩ මාරුතයකින් බැට කෑ අතර, එහිදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 300කට අධික පිරිසක් තුවාල ලැබීය.ada

1_Taiwan(1) 2(2364)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...