2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
පාප්තුමෝ බුරුම සංචාරයක
2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:43
- {{hitsCtrl.values.hits}}
යැන්ගොන්හිදීය (රොයිටර්)
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය.
මියන්මාරයේ ජීවත්වන මුස්ලිම් ජනකොටසක් වන රොහින්ග්‍යාවරුන් ඉලක්ක කරගනිමින් එරට හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරයි. එහෙත් තමන් මෙහෙයුම් දියත් කර තිබෙන්නේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බව මියන්මාර හමුදාව ප්‍රකාශ කරයි.
මියන්මාර සංචාරයෙන් පසු පාප්වහන්සේ බංග්ලාදේශයේද සංචාරය කිරීමට නියමිතය. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් 620.000 වැඩි සංඛ්‍යාවක් බංග්ලාදේශයට පලාගොස් සිටිති. රොහින්ග්‍යා අර්බුදය මානව සංහතියට එරෙහිව කරන අපරාධයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...