ප‍්‍රංශයේ ලාබාලතම ජනපති

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:30 - {{hitsCtrl.values.hits}}  

Emmanuel-Macron-se-definit-comme-un-patriote-face-aux-nationalistes-du-FN

ප‍්‍රංශ දේශපාලන කරළියේ වඩාත් සමච්චලයට ලක්වුණු චරිතය වූ ඔහු අද කවුරුත් මවිතයට පත් කරමින් ප‍්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටී. 39 හැවිරිදි, දේශපාලනයට ආධුනික, ඉමැනුවෙල් මැක්රොන් ජනපති ධුරයට පත් වූයේ පසුගිය 7 වැනිදා පැවැති ප‍්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටයෙන් සියයට 65.5ක ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගනිමිනි. ඒ අනුව, ප‍්‍රංශ ජනපති ධුරයට පත්වුණු ලාබාලතම ජනාධිපතිවරයා වන්නේ ද ඉමැනුවෙල් මැක්රොන්ය. මැක්රොන්,  පසුගිය 14 වැනිදා ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.

ස්වාධීන අපේක්ෂකයෙක්
මැක්රොන් දේශපාලන කරළියට පැමිණියේ ස්වාධීන මධ්‍යස්ථ අපේක්ෂකයකු ලෙසය. පසුගිය 7 වැනිදා පැවැත්වූයේ ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. ඡුන්ද ප‍්‍රකාශ කිරීමට ප‍්‍රංශයේ වේලාවෙන් උදෑසන 8 ට ආරම්භ විය. ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය අපේ‍්‍රල් 23 වැනිදා පැවැත්වුණු අතර අපේක්ෂකයෝ 11 දෙනෙක් ඊට ඉදිරිපත් වූහ. කෙසේ නමුත් ඒ කිසිවකුටවත් සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි විය. 

දෙවැනි වටය ජය ගනී
දෙවැනි වටයකට යෑමට සිදුවූයේ ඒ අනුවය. දෙවැනි වටයට ඉදිරිපත් වූයේ පළමුවටයෙන් ඉදිරියට ආ මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික, පරිණත දේශපාලන චරිතයක් ද වන 48 හැවිරිදි ල පෙන් ය. ඇය, මැක්රොක්ට අභියෝගයක් විය. කෙසේ නමුත් අවසානයේ දී ඇයට ලබා ගත හැකි වූයේ සියයට 34.5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. ප‍්‍රංශ දේශපාලනයේ ‘භූමිකම්පාවක්’ හටගත්තේ යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ මැක්රොන්ගේ ජය වර්ණනා කර තිබේ. 
 වැඩි විස්තර සඳහා 2017 මැයි මස 16 වැනිදා විජය පුවත්පත කියවන්න

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...