මයිකල් ඔන්ඩච්චිට ගෝල්ඩන් මෑන් බුකර් සම්මානය

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:20 - {{hitsCtrl.values.hits}}  

විශ්වධර සාහිත්‍යධරයකු වන මයිකල් ඔන්ඩච්චි ශ්‍රී ලංකාවේ උපත ලද මයිකල් ඔන්ඩච්චි විසින් රචිත ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව ඉකුත් පනස් වසරක කාලයේ බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මාන ලැබීය. 

‘මෑන් බුකර්’ සම්මානය පිරිනැමීම ආරම්භ කර වසර පනහක් පිරීම නිමිත්තෙන් පසුගිය දශක පහේදී ‘මෑන් බුකර්’ සම්මාන හිමි කර ගත් කෘති සලකා බලමින් ඉන් එක් දශකයකින් එකක් නියෝජනය වන සේ කෘති 52ක් තෝරාගැනීමට විය. ‘මෑන් බුකර්’ සම්මානය යනු ඉංග්‍රීසි බස කතා කරන ලෝකය මූලික කරගනිමින් වාර්ෂිකව පිරිනමන සාහිත්‍ය සම්මානයකි. මුල් නිර්මාණය ඉංග්‍රීසි බසින් රචිත එක්සත් රාජධානිය තුළ ප්‍රකාශයට පත්වන නවකතා වෙනුවෙන් පිරිනැමේ.

ඉන් අනතුරුව හොඳම නවකතාව තෝරා ගැනීම සඳහා මහජන ඡන්ද විමසීමක් පවත්වන ලදී. එහිදි වසර 1992 දී ‘මෑන් බුකර්’ සම සම්මානයෙන් පිදුම් ලද ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ කෘතිය ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීය.  ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ ප්‍රේමවෘතාන්තය ‘ඔබේ රෝම කූපයක් පාසා දැනෙන හදවත තුළටම කිඳා බසින ලද දුර්ලභ නවකතාවලින් එකක යැයි’ විනිසුරු මඬුල්ලේ කටයුතු කළ බ්‍රිතාන්‍ය - පාකිස්තාන සාහිත්‍යවේදිනි කමිලා ෂම්සි සඳහන් කළාය. 

සම්මානය පිළිගනිමින් ඔන්ඩච්චි මෙසේ පැවැසීය. “ලැයිස්තුවේ තිබූ හොඳම පොත මෙය යැයි මම තත්පරයකටවත් හිතුවේ නැහැ. බුකර් සම්මාන ලබපු පොත් ඔක්කොම වෙනම ලැයිස්තුවකට දැම්මත් මේ පොත හොඳම පොත වේවි කියලා මම හිතුවේ නැහැ”. මෙම කෘතිය පාදක කරගනිමින් 1996 වසරේදී සිනමා පටයක් ද නිර්මාණය වූ අතර ඊට ‘ඇකඩමි (ඔස්කාර්)’ සම්මාන නවයක් හිමිවිය. 

මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට සම්මානලාභී නළු නිළියන් වන රෙල්ෆ් ෆයින්ස්, ජුලියට් බිනෝෂ් සහ ක්‍රිස්ටීන් ස්කොට් තෝමස් යන හේතු වූයේ යැයි ද ඔන්ඩච්චි කීය. පසුගිය පනස් වසරක කාලයේදී බිහි වූ හොඳම නවකතාව ලෙසින් සම්මානයට පාත්‍ර වූ ඔන්ඩච්චිගේ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ නවකතාව, බැරි අන්ස්වර්ත් විසින් රචිත 18 වැනි සියවසේ වහල්බව ගැන කියැවෙන ‘සේක්‍රඞ් හන්ගර්’ කෘතිය සමගින්  1992 වසරේදී ‘මෑන් බුකර්’ සම්මානය සම සමව හිමි කරගත්තේය. 

‘මෑන් බුකර්’ සම්මානය ප්‍රදානය ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් 2008 වසරේදී ද මෙවැනි තරගයක් සංවිධානය කර තිබිණි. එහිදි 1981 වසරේදී ‘මෑන් බුකර්’ සම්මානයෙන් පිදුම් ලද අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී සල්මන් රුෂ්ඩිගේ ‘මිඞ්නයිට් චිල්රන්’ කෘතිය සම්මානයට පාත්‍රවිය. 

හර්ෂණ තුෂාර සිල්වා (බී.බී.සී ඇසුරිනි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...