මලාලා ඔක්ස්ෆර්ඩ් යයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:25 - {{hitsCtrl.values.hits}}  

ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාල වරම් හිමිකර ගනිමින්, එම විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පාකිස්තාන මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි, විශ්ව විද්‍යාල සිසුවියක ලෙස ඇගේ පළමු දේශනයට සහභාගී වූවාය.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මලාලා යූසොෆ්සායි, 20 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ඔක්ස්ෆර්ඞ් සරසවි වරම් හිමිවූයේ පසුගිය අගෝස්තුවේදීය. ඒ, ඇය දක්ෂ ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය. ඇය ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට පිවිසුණේ දර්ශනවේදය, දේශපාලනය සහ ආර්ථිකය හැදෑරීමටය.

මලාලා අද එක්සත් ජාතීන්ගේ බාලිකා අයිතීන් සුරැකීම වෙනුවෙන් විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ‘මලාලා පදනම’ යන නමින් පදනමක් ද පිහිටුවා ඇත. ඒ, අසරණ දැරියන්ට පිහිටවීම සඳහාය.

මලාලා යූසොෆ්සායි දැරිය මීට අවුරුදු පහකට පෙර, 2012 වසරේදී, පාකිස්තානයේ තලේබාන් ත්‍රස්තවාදීයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූවාය.

ඒ වනවිට මලාලා, ගුරුවරයකු වුණු සිය පියාගේ ද සහාය ඇතිව බී.බී.සී. සේවය වෙනුවෙන් පාකිස්තානයේ බාළිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ සිසුවියක වූවාය. ඇය පාසල් බස්රියේ සිටිද්දී තලේබාන් ත්‍රස්තවාදියෙක් ඇය අසලටම පැමිණ ඇගේ හිසට වෙඩි තැබුවේ එහෙයිනි.

බරපතල ලෙස තුවාල ලැබූ මලාලා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන් පියවර ගත්තේය. මලාලාගේ පියා මව සහ සොහොයුරාට ද බි්‍රතාන්‍යය පුරවැසි වරම් හිමිවිය. අද මලාලා බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පමණක් නොව, කැනඩාවේ ගෞරවණීය පුරවැසියෙකි.

මලාලා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සිය පළමු දේශනයට එක් වෙමින්, සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිඩුව සහ ඡායාරූප පළ කරමින් සටහනක් ද යොදා ඇත. ‘අවුරුදු පහකට කලින් මම වෙඩි කෑවා. බාළිකා අධ්‍යාපනය වෙනුවෙන් මා නිහඬ කරන්න හැදුවා. අද මම ඔක්ස්ෆර්ඞ් සරසවියේ පළමු දේශනයට සහභාගී වෙනවා’ ඇගේ සටහනේ සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)

[caption id="attachment_14196" align="alignnone" width="800"]

Malala Yousefzai (L) speaks with fellow students Bethany Lucas (C) and Beatrice Kessedjian after collecting her 'A' level exam results at Edgbaston High School for Girls in Birmingham, Britain August 17, 2017. REUTERS/Darren Staples

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...