මහා පැසිෆික් කසළ ගොන්නේ සිතුවාටත් වඩා කසළ පිරිලා

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:17 - {{hitsCtrl.values.hits}}  

‘මහා පැසිෆික් කසල ගොන්න’ ලෙස හැඳින්වෙන උතුරු පැසිෆික් සාගරයෙහි පාවෙමින් පවතින අපද්‍රව්‍ය කන්දරාව පෙර සිතූ ප්‍රමාණයටත් වඩා අධික බව ඒ පිළිබඳව පර්යේෂණ කළ පිරිස් පසුගියදා අනාවරණය කළේය. මෙම කසළ ගොන්න පිළිබඳව ප්‍රථම වරට ගුවනේ සිට ලබා ගත් ඡායාරූප හරහා මේ බව පැහැදිලිව දැන ගැනීමට ලැබී තිබේ. ඒ අනුව හවායි දූපත් හා කැලිෆෝනියාව අතර පවතින මේ අපද්‍රව්‍ය ගොන්න සාගරයෙන් ඉවත් කිරීම කාගේත් කතාබහට ලක්ව ඇත.

මේ අතරින් එක් ව්‍යාපෘතියක් ‘ද ඕෂන් ක්ලීන් අප්’ ලෙස හැඳින්වෙන අතර එය හඳුන්වාදුන්නේ 2013 වසරේදීය. එවකට 18 හැවිරිදි වියේ පසුවූ ඕලන්ද නව නිපැයුම්කරුවෙකු වන බෝයන් ස්ලැට් එහි නිර්මාතෘවරයා ලෙස සැලකුණි. පසුගියදා හවායි දූපත් හා කැලිෆෝනියාව අතර කසළ ගොන්නේ ඡායාරූප ලබාගෙන ඇත්තේ මේ ව්‍යාපෘතිය යටතේය. මෙහිදී පැය දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ තම කණ්ඩායමට පාවෙමින් පවතින වස්තූන් 1,000ක් පමණ නිරීක්ෂණය කිරීමට හැකි වූ බව බොයාන් එහිදී සඳහන් කළේය.

මෙහිදී ඔහු පැසිෆික් සාගරය පිරිසුදු කිරීම සඳහා සැලසුම් කරන්නේ‍්, ජලයට යටින් සැතපුම් 62 ක් දුරට V හැඩැති බාධකයක් ඉදිකිරීමයි. මේ තාක්ෂණය මගින් ස්වාභාවික සාගර දියවැල් යොදාගෙන කසළ එක් තැනකට ගෙන ඒම සිදුකරන අතර, එවිට ඒවා ඉවත් කිරීම සඳහා වූ එකතු කරගැනීම වඩාත් පහසු වන බව ඔහු පවසයි.

2020 දී පැසිෆික් සාගරය පිරිසුදු කිරීම ඇරඹීමට ස්ලැට්ගේ මේ ව්‍යාපෘතිය යටතේ අපේක්ෂාව වී තිබේ. ඒ අනුව දශකයක් තුළඉන්  අඩක් ඉවත් කිරීම සැලසුම වන අතර එම කසළ ප්‍රමාණය රාත්තල් මිලියන 150ක් බව සඳහන් වෙයි. මේ අතරම එම තත්ත්වය එසේම පැවතියහොත් 2050 වසර වනවිට ලෝකයේ සාගරවල මත්ස්‍යයන් ප්‍රමාණයටත් වඩා ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය වැඩිවෙනු ඇති බවයි මේ වසරේ ජනවාරි මාසයේදී පළවූ වාර්තාවක පළ වුණි.18--E1xh_400x400 Ocean Plastic 1402411447611115 digital_mapping_pacific_fig_1 Pacific-Garbage-Patch-Img The-Ocean-Cleanup-Boyan-Slat

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...