මාලදිවයින් ජනපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක සෝලීට ජය

2025 අප්‍රේල් මස 12 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}  

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී (Ibrahim Mohamed Solih) ජයගෙන ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ.  ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ඡන්ද 134,616 ක් හිමි කරගෙන ඇති අතර, වත්මන් ජනපති අබ්දුල්ලා යමීන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 96,132 කි. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලබන 30 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.(BBC)

ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී

මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකි. වසර ගණනක් පුරා මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයෙකි. ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රනවාදී පක්ෂය, ජමූරී පක්ෂය සහ අධාලාත් පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් විය. 2011 වසරේ සිට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ද, ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී ය."

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...