රටවල් 99ට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ රටවල් 99ක පමණ පරිගණක පද්ධති සඳහා දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව, චීනය, රුසියාව, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය, තායිවානය ඇතුළු ප්‍රධාන පෙළේ රටවල්ද මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙම සයිබර් ප්‍රහාරයෙන් දහස් ගණනක් වූ පරිගණක සඳහා බාධා ඇතිව තිබෙන අතර එයින් ඩොලර් 300ක් ඉල්ලා තිබේ.

මෙම ප්‍රහාරය ඊයේ එල්ල වී තිබෙන අතර ඒ හේතුවෙන් පරිගණක පද්ධතියන්හි දත්ත හුවමාරුව ඇණ හිට තිබේ.

මේ සඳහා පසුගිය මාර්තු මාසයේදී මයික්‍රොසොෆ්ට් සමාගම පරිගණක යාවත්කාලීන කිරීමට වැඩසටහනක් හඳුන්වාදුන් අතර එසේ පරිගණක යාවත්කාලීන නොකළ රටවල් වල පරිගණක මෙයින් බලපෑමකට යටත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Taiwan Ransomware

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...