රුසියාව අවසානය දක්වා තරග කරාවි - පුටින්

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:39 - {{hitsCtrl.values.hits}}  

සිය කණ්ඩායම පාපන්දු පිටිය තුළ වර්තමානය තුළ විශාල ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති වුවත් මෙවර තරගාවලියේදී අවසානය දක්වා සටන් කරන බව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.

රුසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය හෙට (14දා) ආරම්භ වීමට නියමිතය.

මෙවර තරගාවලියට කණ්ඩායමට 32ක් ක්‍රීඩා කරන අතර රුසියාව සත්තාකරක රට ලෙස තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. කෙසේ වෙතත් ඔවුන් තරගාවලියට එක්වන කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි පහළින්ම පසුවන කණ්ඩායමද වෙයි.

රුසියාවේ මොස්කව් නුවර පසුගිය වසරේ ඔක්තෝබර් 07 දා දකුණු කොරියාව සමග පැවැති සුහද පාපන්දු තරගයකින් ගෝල 4-2ක ජයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ඔවුන් අවසන්වරට පාපන්දු පිටියේ ලබාගත් ජයග්‍රහණය වෙයි.

රුසියාව සිය පළමු තරගයට හෙට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. ඒ සෞදි අරාබි කණ්ඩායමට එරෙහිවය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...