රොබර්ට් මුගාබේගේ 'ගරු තානාපති' ධුරය අවලංගු කෙරේ

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනමන ලද ගරු තානාපති ධුරය අහෝසි තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ ගරු තානාපති ධුරයක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ වීම නිසාය. "මේ සම්බන්ධයෙන් අවධානය පළ කළ සියලු දෙනාටම මම හොඳින් ඇහුම්කන් දුන්නා" යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසොස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සිම්බාබ්වේ පාලනය දක්වන කැපවීම ඔහු විසින් මීට ඉහතදී අගය කරනු ලැබ තිබිණි. 92 හැවිරිදි ජනාධිපති මුගාබේගේ 30 වසරක පාලන කාලය තුළ සිම්බාබ්වේ සෞඛ්‍ය සේවය පිරිහී ඇති බව විවේචකයෝ පෙන්වා දෙති' සේවක වැටුප් නොගෙවීම සහ ඖෂධ හිඟයක් පවතිද්දී ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා විදේශ ගත වීම විවේචකයන්ගේ විරෝධයට හේතු වී තිබේ. (බිබිසී)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...