ලන්ඩන් නිවාස සංකීර්ණයක ගින්නක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:48 - {{hitsCtrl.values.hits}}  

 

බටහිර ලන්ඩනයෙන් ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි ද ඒ තුළ මිනිසුන් සිරවී ඇතැයි ද ඇසින් දුටු පිරිස් පැවසූ බව වාර්තා වේ.

ලැන්කැස්ටර් හි ග්‍රෙන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන භටයෝ 200කට ආසන්න පිරිසක් පැමිණියහ.

තුවාල ලැබූ පිරිසකට ප්‍රතිකාර කළ බව නගර පොලිසිය පැවසීය. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 40ක් යැවූ බව ලන්ඩන් ගිනි නිවන ඒකකය පවසයි.

නිවාස සංකීර්ණය තුළ දැඩි ගින්නක් හටගෙන ඇති බවත් විදුලි පන්දම් සහ ආලෝක දක්නට තිබෙන බවත් ඇසින් දුටුවෝ කියති.
“මම අළුවලින් වැහුණා. මම හිටියේ මීටර 100ක් විතර දුරින්. කියන්න බැරි තරම් අළු ප්‍රමාණයක්. බොහෝ අය විදුලි පන්දම් දල්වා සංඥා දැක්වූවා. ඔවුන්ට එළියට එන්න බැහැ” යැයි ‘චැනල් 4’ රූපවාහිනි නාලිකාවේ ඉදිරිපත් කරන්නකු වන ජෝර්ජ් ක්ලාක් පැවැසීය.

ලංකාදීප- බී.බී.සි ඇසුරිනි  ඡායාරූප- REUTERS -AFP/NATALIE OXFORD

_96481293_040046931-1 _96481295_040046890-1 _96481298_040046953-1 _96481975_tower _96481977_smoke

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...