විනී මැන්ඩෙලා සමුගනියි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:41 - {{hitsCtrl.values.hits}}  

 

ජොහැන්නස්බර්ග්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු විනී මැන්ඩෙලා  (2දා) අභාවප්‍රාප්ත වූවාය. 
ඇය දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳද වන්නීය. මිය යන විට ඇය 81 වැනි වියේ පසුවූවාය. විනී මඩිකිසෙලා මැන්ඩෙලා වඩාත් ජනප්‍රියට පත් වූයේ වසර 27කට පසු නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා පිටතට පැමිණ ඇගේ අතින් අල්ලා ගෙන ඉදිරියට  එන අයුරු දැක්වෙන ඡායාරූපයත් සමඟය. එම අවස්ථාව දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වර්ණභේදවාදයට එරෙහි සටනේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස ද හැඳින්වේ. 
 
කෙසේ නමුත් පසුකාලීනව නෛති සහ දේශපාලනික කරුණු නිසාවෙන් ඇගේ කීර්තිනාමයට හානි විය. ඇගේ ජනප්‍රියත්වය පහළ බැස්සේය. ඇය උපත ලැබුවේ 1936 වසරේදීය. ඒ එවකට ට්‍රාන්ස්කි ලෙස හැඳින්වුණු, නැගෙනහිර කේප් හිදීය. නිදහසින් වසර දෙකකට පසුව ඇති වූ මතභේද නිසා නෙල්සන් මැන්ඩෙලා සහ  විනී මැන්ඩෙලාගේ  වෙන්වුණු අතර 1996 වසරේ දී දික්කසාද විය. එහෙත් ඇය මැන්ඩෙලා වාසගම අඛණ්ඩව භාවිත කළ අතර නෙල්සන් මැන්ඩෙලා සමඟ සබඳතා ද පැවැත්වූවාය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...