2025 අප්‍රේල් මස 19 පෙ.ව. 03:11 - {{hitsCtrl.values.hits}}
සිම්බාබ්වේ හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගග්වා එරට නව ජනාධිපතිවරයා වශයෙන් පත්වනු ඇති බවට ජනතාව අතර බලාපොරොත්තු පළ වේ. මීට සති දෙකකට ඉහත දී ධුරයෙන් ඉවත් කරන ලද හිටපු උප ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට ගොස් සිටියේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව පවසමිනි.
ඔහු නැවත සිම්බාබ්වේ වෙත පැමිණ පැය කිහිපයක් ඇතුළත ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව පාලක සානු පීඑෆ් පක්ෂය කියා සිටියේය. වසර 37 රට පාලනය කළ ජනාධිපති රොබට් මුගාබේ ධුරයෙන් ඉවත්වන බව එරට කථානායකවරයා විසින් අඟහරුවාදා (නොවැ 21) නිවේදනය කරනු ලැබීය.
(බිබිසී)
![]() |
diary Read more... |