ෆින්ලන්තයේ හිම බෝල

2024 දෙසැම්බර් මස 23 ප.ව. 01:53 - {{hitsCtrl.values.hits}}  

මේ දිනවල ෆින්ලන්තයේ, හයිලුඕටො වෙරළ තීරය පුරා බිත්තර තැබුවා සේ අරුම පුදුම හිම බෝල විසිරී පවතී. හිම බෝලවලින් සැදුණු මෙම චමත්කාර දර්ශනය දකිනු කැමති සංචාරකයෝ ෆින්ලන්තයට එමින් සිටිති. ොවෙරළ තීරයේ සෑහෙන තරම් දුරක විවිධ ප්‍රමාණයේ හිම බෝල පවතින බවද ෆින්ලන්ත වැසියෝ කියති.

පළමුව වෙරළ ආසන්නයේ ඇති ජලය, දියවෙමින් පවතින හිම ස්ථරයක් ලෙස වෙන්වෙයි. දියවෙන හිම ස්ථර එකට එක්වී, දැඩි සීත දිය මත වර්ධනය වේ. වෙරළට මුහුදු රළ පැමිණිවිට රළ මත ගැටෙන හිම,  කරකැවී සුමුදු වී වෘත්තාකාර වී හිම බෝල බවට පත්වේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...