චීන අධිවේගී දුම්රිය බලවේග කට්ටල ඉන්දුනීසියාවට යවයි

2025 මාර්තු මස 31 ප.ව. 11:13 - {{hitsCtrl.values.hits}}  

ජකාර්තා- බන්ඩුං අධිවේගී දුම්රිය සඳහා චීනයේ නිෂ්පාදිත අධිවේගී විදුලි බහු ඒකක (EMUs) කට්ටලයක් සහ විස්තීරණ පරීක්ෂණ දුම්රියක්, නැගෙනහිර චීනයේ ෂෙන්ඩොන්ග් පළාතෙන් ඉන්දුනීසියාව බලා නැව්ගත කර තිබේ.

CRRC Qingdao Sifang Co. Ltd. විසින් නිර්මාණය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද මෙම අධිවේගී දුම්රිය, අපනයනය සඳහා චීනයේ පළමු අධිවේගී බුලට් දුම්රිය බලවේගය කට්ටලය වේ.

ජකාර්තා-බන්ඩුං අධිවේගී දුම්රිය චීනය යෝජිත තීරය සහ මාර්ග මුලපිරීම සහ චීනය-ඉන්දුනීසියාව ප්‍රායෝගික සහයෝගීතාවයේ සුවිශේෂී ව්‍යාපෘතියකි. ව්‍යාපෘතිය 2023 ජුනි මාසයේදී අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම දුම්රිය ව්‍යාපෘතිය සඳහා අධිවේගී EMU කට්ටල 11ක් සහ විස්තීරණ පරීක්ෂණ දුම්රිය කට්ටලයක් අගෝස්තු 5දා වනවිට නිෂ්පාදනය කොට අවසන් කර තිබේ.

Fuxing බුලට් දුම්රියේ දියුණු තාක්‍ෂණය මත විශ්වාසය තබමින්, දුම්රියවල උපරිම මෙහෙයුම් වේගය පැයට කිලෝමීටර් 350ක් වන අතර, ඒවා චීන ප්‍රමිතීන්ට අනුව නිර්මාණය කර නිෂ්පාදනය කර ඇත. ඒවා ඉන්දුනීසියාවේ දේශීය මෙහෙයුම් පරිසරයට සහ රේඛීය තත්ත්වයන්ට මෙන්ම දේශීය සංස්කෘතියට ගැළපෙන පරිදි සකස් කර ඇත.

අධිවේගී දුම්රිය මාර්ගයේ මුළු දිග කිලෝමීටර් 142 ක් වන අතර, දුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සිට සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බන්ඩුං දක්වා ගමන් කරන කාලය පැය තුනේ සිට විනාඩි 40ක් දක්වා මෙමගින් අඩු කරගත හැකි බව කියයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...